Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th July 2023 10:37:45 Hours

නැඟෙනහිර ආඥාපති නෙළුගල ප්‍රතිමා මාර්ගය ඉදිකිරීමට මුල්ගල තබයි

නැඟෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ කෝරලේපත්තුවට දකුණින් ප්‍රදේශයක් පුරා පැතිරී ඇති නෙළුගල ඓතිහාසික ස්ථානයෙහි දැනට නටඹුන් පිළිම 16ක් පමණ ඉතිරිව ඇත. ඉපැරණි ශ්‍රී ලාංකේය සංස්කෘතිය ආරක්ෂා කර ගැනීම සඳහා නෙළුගල ඓතිහාසික ස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ආරම්භ කරනු ලැබුවේ පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම හිමියන් විසිනි. ව්‍යාපෘතියේ පළමු අදියර ආරම්භ කිරීම සඳහා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් 2023 ජූලි 12 දින සුබ මොහොතින් පිරිත් සජ්ඣායනය මධ්‍යයේ නෙළුගල ප්‍රතිමා දක්වා නව මාර්ගය ඉදිකිරීම සඳහා මුල්ගල තබන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගි විය. බ්‍රිගේඩියර් කේවීඑන්පී ප්‍රේමරත්න ආර්එස්පී යූඑස්පී පීඑස්සී, 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 232 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන සිවිල් සම්බන්ධීකරන නිළධාරි, 12 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුලුවේ අණදෙන නිළධාරී සහ පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම හිමි ඇතුළු පුරාවිද්‍යා හා මිනුම්දෝරු දෙපාර්තමේන්තුවල නිලධාරීන් කිහිප දෙනෙක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.