Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th June 2023 11:29:32 Hours

නැගෙනහිර මූලස්ථානයේ භට පිරිස් සදහා ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රයක්

ජලය පිරිසිදු කිරීම යනු ජලයෙන් අනවශ්‍ය රසායනික ද්‍රව්‍ය, ජීව විද්‍යාත්මක දූෂක, අත්හිටවූ ඝන ද්‍රව්‍ය සහ වායූන් ඉවත් කිරීමේ ක්‍රියාවලියයි. ඉලක්කය වන්නේ නිශ්චිත අරමුණු සඳහා සුදුසු ජලය නිෂ්පාදනය කිරීමයි. බොහෝ ජලය මිනිස් පරිභෝජනය සඳහා පිරිසිදු කර විෂබීජහරණය කරනු ලැබේ. නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සියලුම කාර්ය මණ්ඩලය සඳහා පිරිසිදු ජලය ලබා දීමේ අරමුණින් නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රයක් ස්ථාපනය කිරීමට උපදෙස් ලබාදෙනු ලැබීය.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමාගේ අභිප්‍රාය පරිදි, ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලය විසින් නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සියලුම සෙබළුන්ගේ සුබසාධනය සඳහා හබරකඩ ඉන්ජිනේරු සේවා මධ්‍යම වැඩපලෙහි නිෂ්පාදිත ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රයක් ලබාදෙන ලදී. නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සුරතින් චාම් උත්සවයකදී ජල පිරිපහදු කිරීමේ යන්ත්‍රය 2023 ජුනි 22 වන දින සෙබළුන් සඳහා විවෘත විය.

මෙම උත්සවය සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික, බ්‍රිගේඩියර් පාලන භකාස, සහ සියලුම මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිල කාර්ය මණ්ඩලය සහභාගි වන ලදී.