Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th July 2023 11:27:48 Hours

නැගෙනහිර මුලස්ථානය ආධ්‍යාත්මික දියුණුව සඳහා ‘අමා දොර විවර විය’ ධර්ම දේශනාවට සවන් දෙති

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව, පිරිස් පරිපාලන අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා යුධ හමුදා බෞද්ධ බළමණ්ඩලයේ උපදෙස් පරිදි නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය විසින් ධර්ම දේශනා වැඩසටහනක් සංවිධානය කරන ලදී. "අමා දොර විවර විය" යන තේමාව යටතේ පැවති ධර්ම දේශනා මාලාවේ එක් වැඩසටහනක් ලෙස බලංගොඩ රාධ ස්වාමින් වහන්සේ විසින් 2023 ජූලි 18 වන දින වැලිකන්ද නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථාන විහාරස්ථාන පරිශ්‍රයේදී මෙම ධර්ම දේශනාව පවත්වන ලදී.

නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් මෙම ධර්ම දේශනාව සංවිධානය කරන ලදී. මෙම ආධ්‍යාත්මික දියුණුව සඳහා වූ ධර්ම දේශනාව සඳහා නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි, 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති, බ්‍රිජීඩියර් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්.එස්.පී යූ.එස්.පී පීඑස්සී, නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ 23 වන පාබල සේනාංකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු භට පිරිස් 500කට අධික පිරිසක් රැස්ව සිටියහ.