Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th April 2023 15:49:54 Hours

නැගෙනහිර භටපිරිස් වියළි සලාක පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරයි

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මාර්ගෝපදේශ සහ අධීක්‍ෂණය යටතේ නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් සහ 6 වන බළඇණිය ගජබා රෙජිමේන්තුව විසින් 2023 අප්‍රේල් මස 15 දින "කායන්කේනි" හිදී වියළි ආහාර ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ඒ අනුව, කායන්කර්නි ගම්මානයේ ප්‍රමාණවත් ආදායම් නොමැති පවුල් 23 සඳහා රුපියල් 4000/= බැගින් වටිනා වියළි සලාක ඇසුරුම් 23ක් බෙදා දෙන ලදී. කායන්කේනි ග්‍රාම නිලධාරී කාර්යාලයේදී වියළි සලාක ඇසුරුම් 13ක් සහ ඔවුන්ගේ නිවෙස්වලට ගොස් වියළි සලාක ඇසුරුම් 10ක් ප්‍රදානය කෙරිණි.

මේ සදහා දානපති කපිල ප්‍රභාත් ජයසේකර මහතා ඇතුළු පවුලේ සාමාජිකයන්ගේ පරිත්‍යාගශීලීභාවයෙන් සිදුකරණ ලදි.

තවද, මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් සුජීව හෙට්ටිආරච්චි ජ්‍යෙෂ්ඨ නිළධාරී සහභාගි වූ අතර, 6 වන බලඇණියේ 2 වන අණදෙන නිලධාරි ගජබා රෙජිමේන්තුව, සෙසු නිලයින් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීහු මෙම අවස්ථාව සඳහා උනන්දුවෙන් දායක වූහ.