Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th July 2023 20:17:44 Hours

නැගෙනහිර ප්‍රදේශයේ අණදෙන නිලධාරීන් සහ දෙවන අණදෙන නිලධාරීන් සඳහා වැඩමුළුවක් පවත්වයි

නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් විසින් නැගෙනහිර ප්‍රදේශයේහි ස්ථානගත ඒකකවල අණදෙන නිලධාරීන්, දෙවන අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් සඳහා දින 02 වැඩමුළුවක් සංවිධානය කරන ලදී.

මෙම වැඩසටහන 2023 ජූලි මස 27 සහ 28 යන දිනයන්හිදී නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේදී පැවැත්විණි. මෙම වැඩමුළුවට ආරාධිත දේශණය සදහා පැමිණි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ආචාර්ය අජිත් රෝහණ මහතා විසින් ශ්‍රී ලංකා පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමට හමුදා සහාය පිළිබඳ දේශණය පවත්වන ලදී. ඉන් පසුව ඔහු නැගෙනහිර ආඥාපති සහ 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සමග රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහාද සහභාගී විය. තවද, මෙම වැඩමුළුව සිවිල් පරිපාලනයට හමුදා සහාය (අණදෙන නිලධාරීන්ගේ වගකීම්), ශ්‍රී ලංකා යුද හමුදාවේ පරිපාලනය සහ ප්‍රවාහනය, අණදෙන නිලධාරීන්ගේ වගකීම් සහ මානව කළමනාකරණය, සමාජ ආරවුල්/මත්ද්‍රව්‍ය භාවිතය සහ සෙබළුන් සඳහා සාමාන්‍ය උපදේශණය සහ ශ්‍රී ලංකාවේ පවතින සුබසාධන ක්‍රියාමාර්ග පිළිබඳවද අවධානය යොමු කරන ලදී.

මෙම වැඩසටහන 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් අධීක්ෂණය කරන ලදී. මෙම දෙදින වැඩමුළුව සඳහා අණදෙන නිළධාරීන්, දෙවන අණදෙන නිළධාරීන් සහ මාණ්ඩලික නිළධාරීන් 48 දෙනෙකු සහභාගී වී සිටි අතර, ඔවුන් සියලු දෙනාම මෙම වැඩමුළුව පිළිබඳව අගය කළහ.