Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

02nd November 2023 09:05:45 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය සිය 20 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් අති උත්කර්ෂවත් අන්දමින් සමරයි

ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) 20 වන සංවත්සරය 2023 ඔක්තෝබර් 31 වන දින නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිඡි ඡ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ලබා දෙන ලද මාර්ගෝපදේශ අනුව වැඩසටහන් මාලාවක් සිදුකරමින් අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදී

20 වන සංවත්සර සැමරුම ආරම්භ වූයේ සර්ව ආගමික වතාවත් සිදුකරමින් ආරක්ෂක සේනා ධජයට ආශිර්වාදය පුද කරමිනි. නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති සහ භටපිරිස් විසින් 2023 ඔක්තෝබර් 26 වන දින උදෑසන මඩකලපුව ශාන්ත මරියා ආසන දෙව්මැදුරේ දී පවත්වන ලද විශේෂ දේව මෙහෙයට සහභාගී වූ අතර ඉන් අනතුරුව කාත්තන්කුඩි අල්-අක්සා ජුම්මා පල්ලියේ සහ කල්ලඩි මුරුගන් කෝවිලේ උත්සව සඳහා සහභාගී වූහ. 2023 ඔක්තෝබර් 29 වන දින සෝමාවතිය ස්ථූපයේ පවත්වන ලද විශේෂ බෝධි පූජාව සමඟින් ආගමික වතාවත් අවසන් විය

සංවත්සර වැඩසටහනේ කොටසක් ලෙස ආරක්ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) අයත් බලඇණිවල භටපිරිස් සහභාගීත්වයෙන් 2023 ඔක්තෝබර් 27 වන දින අත්පන්දු තරඟාවලියක් පවත්වන ලද අතර, ජයග්‍රාහකයින් සඳහා ත්‍යාග සහ කුසලාන ප්‍රධානය කරන ලදී

සංවත්සර දිනයේදී (2023 ඔක්තෝබර් 31) හමුදා සම්ප්‍රදායන්ට අනුව ප්‍රධාන දොරටුව අභියසදී කදවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, අනතුරුව වර්ණවත් සම්මාන පෙළපාලියක්ද පවත්වා නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිඡි ඡ්‍යෙෂ්ඨ නිලධාරි වෙත උපහාර පිරිනමනු ලැබූ අතර, පෙළපාලිය අතරතුර භටපිරිස් අමතමින් නැගෙනහිර ආඥාපති, නැගෙනහිර ප්‍රදේශයේ සාමකාමී වාතාවරණයක් පවත්වා ගැනීම සඳහා භටපිරිස් ඔවුන්ගේ පරාර්ථකාමී කැපවීම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම පිළිබඳව ප්‍රශංසා කළේය. මාතෘභූමියේ ඒකීය භාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා කැපවී ක්‍රියාකළ සහ තුවාල ලැබූ සියලුම විරුවන් සිහිපත් කරමින් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති සිය කෘතඥතාව පළ කළේය

20 වන සංවත්සරය නිමිත්තෙන් ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කර පසුව ආඥාපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය සමූහ ඡායාරූපයකටද පෙනී සිටියහ. තවද, ආඥාපතිතුමා සියලු නිලයින් සදහා සූදානම් කරන ලද තේ පැන් සංග්‍රහයකටද සහභාගී විය. 2023 ඔක්තෝබර් 31 රාත්‍රියේ ආරක්‍ෂක සේනා මූලස්ථාන (නැගෙනහිර) ක්‍රීඩා පිටියේ පැවති සංගීත රාත්‍රියකින් පසුව 20 වන සංවත්සර සැමරුම සාර්ථකව නිමාව සනිටුහන් කරන ලදි

22, 23 සහ 24 පාබල සේනාංක සේනාංකාධිපතිවරුන් වන, මේජර් ජෙනරාල් ජීඑම්එන් පෙරේරා ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි, මේජර් ජෙනරාල් කේවිඑන්පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි, මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පි යුඑස්සි පිඑස්සි, ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති, මේජර් ජෙනරාල් එච්ඩබ්ලිව්ඩීසි මෙත්තානන්ද යුඑස්පී එන්ඩීසි ඡ්‍යෙෂ්ඨ නිලධාරින්ද, ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) මාණ්ඩලික නිලධාරීන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන්ද මෙම උත්සවය සදහා සහභාගි විය