Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th October 2023 10:31:49 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත කසල බඳුන් පරිත්‍යාග කරන ලදි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් 2023 සැප්තැම්බර් මස 30 වන දින ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වෙත කසල බඳුන් හතර පරිත්‍යාග කරන ලදී. දිඹුලාගල විහාරයේ සිට "අහස් මාලිගාව" දක්වා මාර්ගය දෙපස කසළ බඳුන් ස්ථාපිත කිරීම සඳහා නිලධාරියෙකු ඇතුලු සෙසු නිලයින් 08 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී විය.

ස්වේෂිනි සුබසාධන ආයතනයේ හිමිකරු රවී රාජපක්ෂ මහතා විසින් රුපියල් 38900.00 වටිනාකමකින් යුත් මෙම කසල බඳුන් හතර සඳහා අනුග්‍රහය ලබා දෙන ලදී.

තවද, කසළ බඳුන් ස්ථාපිත කිරීමට පෙර භටපිරිස් විසින් දිඹුලාගල විහාරස්ථානයේ සිට අහස් මාලිගාව දක්වා මාර්ගය දෙපස අවට පරිසරය පිරිසිදු කරන ලදී.