Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th December 2023 19:37:48 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් පවුල්වල සාමාජිකයන් සමඟ නත්තල් සහ 2024 නව වසර සමරයි

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් නත්තල් සහ 2024 නව වර්ෂය උදාවේ ප්‍රීතියේ නිමිත්තෙන් සංගීත සංදර්ශනයක් පවත්වන ලදි. සෙබලුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු 300 කට ආසන්න පිරිසක් එක්ව දර්ශනීය නත්තල් සංගීත සංදර්ශනය ප්‍රීති ඝෝෂා පතුරවමින් දුදරුවන් සමග සතුටු වූහ.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව නැගෙනහිර ආරක්ෂක සේනා කාර්ය මණ්ඩලය විසින් මෙය සංවිධානය කරන ලදී. මෙම ප්‍රසංගයේදි සැඟවුණු දක්ෂතා ප්‍රදර්ශනය කරමින් සෙබලුන් ගීත ගායනා කිරීමටද සමත්විය. සෙබලුන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන්, දූදරුවන්, ප්‍රසංග වේදිකාවේදි නර්ථන දක්ෂතා විදහා පෑවේ ඇසට පෙනෙන දේට වඩා වැඩි යමක් ඇති බව ඔප්පු කරමිනි.

සංගීත සංදර්ශනයේ වේදිකාව සහ නැඟෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ වටපිටාව විදුලි පහන් නත්තල් ගස් වලින් හා නොයෙකුත් සැරසිලිවලින් සරසා තිබූ අතර, සෑම කෙනෙකුමටම උත්සවය සදහා සහභාගිවීමට ප්‍රවාහනය පහසුකම්ද සපයන ලදි.

මෙම සංගීත සන්ධ්‍යාව වඩාත් අමතක නොවන එකක් බවට පත් කරමින් ආරක්ෂක සේනා ආඥාපතිතුමා විසින් මෙම උත්සවය අතරතුර සියලුම සෙබළුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ සුහද කතාබහක නිරතවිය. නත්තල් සීයා දරුවන්ට නත්තල් තෑගි ලබා දෙමින් කඳවුර පුරා සතුට හා ප්‍රීතිය පතුරුවා හැරියේය. ඊට අමතරව මෙම සොඳුරු සන්ධ්‍යාව වෙනුවෙන් සහභාගි වූ සියලුම දෙනාට රසවත් රාත්‍රී භෝජන සංග්‍රහයක් ද ලබා දෙන ලදී.

මෙම අවස්ථාව සදහා බ්‍රිගේඩියර් එල්එච්එම් රාජපක්ෂ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි, බ්‍රිගේඩියර් ඒඑච්ඒඩි ආරියසේන ආර්ඩබ්ලිව්පි ආර්එස්පි යුඑස්පි පිඑස්සි පිටිඑස්සි, බ්‍රිගේඩියර් කේජියුටි ජයසිංහ, බ්‍රිගේඩියර් ජේඑම්ටිඑන්බි කරුණාතිලක, නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්, මාණ්ඩලික නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, සිවිල් සාමාජිකයින්ද සහභාගී වූහ.