Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

15th November 2022 10:59:53 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ධුරයෙන් නික්ම යයි

ආඥාපති ආසේ (නැ) ධුරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත ගෞරවාචාර පුද කිරිමේ උත්සවයක් 2022 නොවැම්බර් මස 12 වන දින ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) දි පැවැත් විය.

ඒ අනුව ආරක්ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත පැමිණි නික්ම යන ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති වෙත යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව කදවුරු මුරයක් පිරිනමනු ලැබූහ. අනතුරුව සරඹ භුමියෙදි 11 (සෙව්) සිංහ රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් නික්ම යනු ලබන ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත සම්මාන මුරයක් පිරි නැබිමෙන් පසු සමූහ ඡායාරූපයකට ද පෙනී සිටින ලදී.

නික්ම යන ආඥාපති විසින් භඨපිරිස් ආමන්ත්‍රණය කරමින් ආඥාපති ආසේ (නැ) කාල පරිච්ඡේදය තුල තමාට සහයෝගය දැක්වූ සියලු දෙනා වෙත කෘතඥ්ඥතාවය පල කලේය. ඉන් පසු භට පිරිස් විසින් නිකුම යනු ආඥාපති වෙත සිහිවටනයක් ලෙස සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලද අතර සියලු නිළ තේ පැන් සංග්‍රහයකින් උත්සවය අවසන් විය.

ධුරයෙන් නික්ම යන ආඥාපති හට සුභ පැතුමන් පැතීමට 22, 23 සහ 24 සේනාංකාධිපති වරුන් බළසේනාධිපති වරුන් ඒකක අණදෙන නිළධාරින් ඇතුලුව නිළධාරි සහ සෙසු නිළයින් සහභාගි විය.