Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th May 2022 08:33:41 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති ධුරයෙන් නික්ම යයි

ආඥාපති ආසේමු(නැ) ධුරයෙන් නික්ම යන මේජර් ජෙනරාල් පිඑම්එල් චන්ද්‍රසිරි ඩබ්ලිව්ඩබ්ලිව්වි ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත ගෞරවාචාර පුද කිරිමේ උත්සවයක් 2022 මැයි මස 05 දින ආසේමු(නැ) මූලස්ථානයේදි පැවැත්විණි.

ආරක්ෂක සේනා මුලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත පැමිණි නික්ම යන ආරක්ෂක සේනා (නැ) ආඥාපති වෙත යුද්ධ හමුදා සම්ප්‍රධානුකූලව කදවුරු මුරයක් පිරිනමනු ලැබූහ. ඉන් අනතුරුව සරඹ භුමියෙදි 4 වන ගැමුණු හේවා බළකායේ භඨපිරිස් විසින් නුදුරේදි විශ්‍රාම ලබන ජ්‍යෙෂ්ඨ නිළධාරි වෙත සම්මාන මුරයක් පිරිනැමුහ.

නික්ම යන ආඥාපති විසින් භඨපිරිස් ආමන්ත්‍රණය කරමින් ආඥාපති ආසේ(නැ) කාළ පරිච්ඡේදය තුල තමාට සහයෝගය දැක්වූ සියලු දෙනාවෙත කෘතඥ්ඥතාවය පල කලේය. සියලු නිළ තේ පැන් සංග්‍රහයකින් උත්සවය අවසන් විය.

ධුරයෙන් නික්ම යන ආඥාපති හට සුභ පැතුමන් පැතීමට 22, 23 සහ 24 සේනාංකාධිපති වරුන් බළසේනාධිපති වරුන් ඒකක අණදෙන නිළධාරින් ඇතුලුව නිළධාරි සහ සෙසු නිළයින් සහභාගි විය.