Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th February 2022 18:45:28 Hours

නැගෙනහිර ආණ්ඩුකාර තුමිය සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් නෙළුගල ඵෙතිහාසික සිද්ධස්ථානය ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලිම සදහා නිරික්ෂණ සංචාරයක නිරත ව‍ෙයි

යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් හා සංකල්පයකට අනුව, පුද්ගල හා සංවිධානාත්මක කණ්ඩායම් විසින් සිදු කරන විනාශයන් සහ ආක්‍රමණයන්ගෙන් පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික ස්ථාන ආරක්ෂා කිරීම සහ සංරක්ෂණය කිරීම සඳහා, ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර) තුමන් සහ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර වරිය 2022 පෙබරවාරි මස 22 දින පූජනීය නෙළුගල ඓතිහාසික පුදබිමේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් පත්තුවේ පෙරිල්ලාවලි ග්‍රාම නිලධාරී වසමේ අක්කර තුන්සිය පනහකට වඩා වැඩි භූමි ප්‍රමාණයක පුරාවිද්‍යාත්මක බවින් අනුන වූ මඩකලපුව නෙළුගල ඓතිහාසික පුදබිම විහිදි පැතිරී ඇත. මෙම අඩවිය ගල් ලෙන්,ශිලා ලේඛන,පොකුණු, ස්මාරක සහ ක්‍රි.පූ.2 සහ3 වැනි සියවස්වලට අයත් ස්තූප සහිත තවත් නටබුන් වලින් සමන්විත වේ. එසේම, එම ප්‍රදේශයේ තවත් බොහෝ පුරාවිද්‍යා ස්ථාන ඇති අතර නිධන් සොරකම් කරන්නන් සහ දැව කැපීමෙන් මෙම ප්‍රදේශය විනාශ වි ඇත.

මෙම පුරාවිද්‍යා ස්ථාන සහ රක්ෂිත වනාන්තර සංරක්ෂණය කිරීමට මෙන්ම අවට ගම්මානවල ආරක්ෂාව සහ සංවර්ධනය තහවුරු කිරීමට කඩිනම් පියවර ගෙන ඇත.

අස්ගිරි මහා සංඝ සභාවේ කාරක සංඝ සභික ගරු කැටකුඹුරේ ධම්මාරාම හිමි හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර වරිය අනුරාධා යහම්පත් තුමිය සහ මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති (නැගෙනහිර), මේජර් ජෙනරාල් ලාල් චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරී මෙන්ම මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ.