Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th June 2023 19:55:16 Hours

නැගෙනහිර ආඥාපති "සෝමාවතිය විහාරස්ථානය" වැදපුදාගනී

නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි සෝමාවතිය විහාරස්ථානය වැදපුදා ගැනීම සදහා 2023 ජුනි 22 වන දින ගියේය.

සෝමාවතිය විහාරය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පැරණි ඓතිහාසික විහාරස්ථානයක් වන අතර, නැගෙනහිර ආඥාපති වැඩ භාර ගැනීමෙන් පසුව ප්‍රථම වතාවට සෝමාවතිය චෛතය වෙත ගොස් වැදපුදා ගන්නා ලදි . එමෙන්ම එදිනම සෝමාවතිය විහාරස්ථානයේ පැවැත්වූ "බුදු සමිඳුන්ගේ පිළිම චෛතය වෙත පූජා" කිරීමේ ආගමික උත්සවයකටද ඔහු සහභාගී විය.

මෙම අවස්ථාව සදහා 233 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී සහ සෙසු නිලයින් පිරිසක්ද මෙම උත්සව සඳහා ආඥාපතිතුමන් සමඟ සම්බන්ධ විය.