Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

07th July 2023 09:12:25 Hours

නැගෙනහිර ආඥාපති සිංහපුර ශ්‍රී ගැමුණු විහාරයට "සංඝාවාසයක්" පූජා කරයි

233 වන පාබල බලසේනාවේ අධීක්‍ෂණය යටතේ 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා භටපිරිස් විසින් සිංහපුර ශ්‍රී ගැමුණු විහාරය සඳහා "සංඝාවාසයක්" ඉදිකර එය විහාරස්ථානයේ දික්ඇල්ලේ ඥානප්‍රදීපාලංකාර නායක ස්වාමීන් වහන්සේ වෙත භාර දෙන ලදී. චාම් උත්සවයකදී අභිනවයෙන් ඉදිකරන ලද "සංඝාවාසය" 2023 ජුලි 02 දින නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සුරතින් භාරදෙන ලදී.

රාජකීය විද්‍යාලීය ආදි ශිෂ්‍ය චින්තක අබේසේකර මහතා සහ විශාකා විද්‍යාලීය ආදි ශිෂ්‍ය තේජා කපුරුගේ මහත්මියගේ ත්‍යාගශීලීභාවයෙන් සහ ප්‍රසාද් ලොකුබාලසූරිය මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම සංඝාවාසය ඉදි කිරිම සිදු විය. 233 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් කමල් ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිළධාරී සහ 9 වන ක්ෂේත්‍ර ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම් අයි එස් චන්ද්‍රකුමාර යුඑස්පි පිඑස්සී අයිඡි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සමීප අධීක්ෂණය යටතේ ඉදිකිරීම් කටයුතු සඳහා 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් ශ්‍රම බලකායක් සපයන ලදී.

රුපියල්. 167200.00 මුදලක් ඉදිකිරීම් සඳහා වැය වූ අතර, ඉදිකිරීම් අවසන් වූ පසු, නැගෙනහිර ආඥාපතිතුමා අතින් එම ගොඩනැගිල්ල නායක ස්වාමීන් වහන්සේ වෙත බාර දෙන ලදී. මෙම අවස්ථාව සදහා බලසේනාධිපති, 233 වන පාබල බලසේනාව, 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී, සහ එම බලඇණියේ නිලධාරීන්, ප්‍රසාද් ලොකුබාලසූරිය මහතා සහ ප්‍රතිලාභීන්ගේ ඥාතීන් ද එක්ව සිටියහ.