Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

20th November 2023 08:01:06 Hours

නැගෙනහිර ආඥාපති විසින් සිංහල උගත් දෙමළ සහ මුස්ලිම් දරුවන් සඳහා ඩිප්ලෝමා සහතික පිරිනමයි

2023 නොවැම්බර් 18 වන දින ඔඩ්ඩමාවඩි ජාතික පාසලේදී පැවැති දෙමළ භාෂාව කතා කිරීමේ හැකියාව ඇති තරුණ තරුණියන් සඳහා සිංහල භාෂා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑසසි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරී සහභාගී විය. මෙම ඩිප්ලෝමා පාඨමාලා ප්‍රදේශයේ තරුණ තරුණියන් සඳහා මඩකලපුව සිවිල් පුරවැසි කමිටුව විසින් නොමිලේ පැවැත්විය. මේ සදහා තරුණ තරුණියන් 290 දෙනෙකු සිය ඩිප්ලෝමා සහතිකපත්‍ර නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිගේ සුරතින් ලබා ගන්නා ලදී.

රැස්ව සිටි පිරිස ඇමතූ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරී සමාජයක් ලෙස එකිනෙකාගේ භාෂාව නැඹුරුවීමේ වැදගත්කම සහ අර්ථවත් ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක් සඳහා එහි ඇති ධනාත්මක ප්‍රතිඵල අවධාරණය කළේය. සිංහල තරුණ තරුණියන්ද දෙමළ භාෂාව ඉගෙන ගත යුතු බවත්, එය අවසානයේ රටේ සියලු ජන කොටස් අතර, සැබෑ සංහිඳියාව ඇති කිරීමට මග පාදනු ඇති බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. ප්‍රදේශයේ සිංහල සිසුන් සඳහා දෙමළ භාෂා පාඨමාලා පැවැත්වීමට නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය මුලිකත්වය ගෙන ඇති බවත්, සිංහපුර මහා විද්‍යාලයේ සහ නෙළුම්වැව මහා විද්‍යාලයේ සිංහල සිසුන් 200 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සතියක් ඇතුළත නියමු ව්‍යාපෘතිය ආරම්භ කරන බවත් ඔහු පැවසීය. මෙම වැදගත් සමාජ ප්‍රශ්නයට කාලෝචිත මුලපිරීම වෙනුවෙන් මඩකලපුව සිවිල් පුරවැසි කමිටුවේ සියලුම සාමාජිකයින්හට නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති සිය කෘතඥතාව පුද කළේය.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්එස්පි යූඑස්පි පීඑස්සි, ආරක්ෂක සේනා (නැගෙනහිර) මාණ්ඩලික නිලධාරීන් සහ 23 වන පාබල සේනාංකය මූලස්ථාන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. තවද, අල්-කුයිමා සංගමයේ මවුලවි එම්එම්එස් හාරෝන් සාවි, ඔඩ්ඩමාවඩි Aqeel International Helping Unit හි කළමනාකාර අධ්‍යක්ෂ ඒසිඑම් නියාස්දීන් මහතා, ඔඩ්ඩමාවාඩි ජාතික පාසලේ විදුහල්පති එම්ඒ හලීම් ඉසාක් මහතා, ඔඩ්ඩමාවාඩි ෆාතිමා බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පති ඒඑල් අබුල් හසන් සහ තවත් ආරාධිතයින් රැසක් සහභාගී විය.