Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

19th July 2023 11:38:32 Hours

නැගෙනහිර ආඥාපති වැලිකන්ද ප්‍රදේශයේ වැඩිහිටි පුද්ගලයින් සඳහා ඇස් කණ්නාඩි බෙදා දෙයි

හෙල්ප් ඒජ් ශ්‍රී ලංකා හි ජංගම වෛද්‍ය සහ අක්ෂි සත්කාර ඒකකය සමඟ එක්ව වෛද්‍ය සායනයක් සහ අක්ෂි සායනයක් 2023 ජුනි 10 වන දින සිංහපුර ගැමුණු මහා විහාරයේදී 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී සහ භට පිරිස් විසින් පවත්වන ලදී. අක්ෂි සායන සඳහා රෝගීන් 250 ක් පමණ සහභාගී වූ අතර හෙල්ප් ඒජ් ශ්‍රී ලංකා ආයතනය ප්‍රකාශ කළේ, ඇස් කණ්ණාඩි ලබා ගැනීමට සුදුසුකම් ඇති පුද්ගලයින් හට මාසයක් ඇතුළත ඇස් කණ්ණාඩි ලබා දෙන බවයි.

එම ප්‍රකාශය මල්ඵල ගනිමින් හෙල්ප් ඒජ් ශ්‍රී ලංකා ආයතනය විසින් මීට පෙර පවත්වන ලද වෛද්‍ය කඳවුරේ ප්‍රතිඵලය අනුව සිංහපුර ගම්මානයේ අඩු ආදායම්ලාභී පවුල්වල ජීවත් වන වයස අවුරුදු 55 ට වැඩි තෝරාගත් පුද්ගලයින් 155 දෙනෙකු සඳහා 2023 ජූලි 18 වන දින නොමිලේ ඇස් කණ්ණාඩි බෙදා දෙන ලදී. 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේ.වී.එන්.පී ප්‍රේමරත්න ආර්ඩබ්ලිව්පි යුඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එම්.අයි.එස් චන්ද්‍රකුමාර යූඑස්පී පීඑස්සී සහ භට පිරිස් විසින් වැලිකන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ දී මෙම උත්සවය සංවිධානය කරන ලදී. හෙල්ප් ඒජ් ශ්‍රී ලංකා සහ සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් ආයතනවල අනුග්‍රහය ඇතිව මෙම වැඩසටහන පැවැත්විණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගී විය. 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේවීඑන්පී ප්‍රේමරත්න ආර්ඩබ්ලිව්පි යුඑස්පී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ 23 වන පාබල සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ලුතිනන් කර්නල් එම්අයිඑස් චන්ද්‍රකුමාර යුඑස්පී පීඑස්සී අණදෙන නිලධාරී, සහ 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් මෙම වැඩසටහන සහභාගී වූහ. තවද, හෙල්ප් ඒජ් ශ්‍රී ලංකා සහ සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් ආයතනවල කාර්ය මණ්ඩලය ද මෙම විශේෂ අවස්ථාවට සහභාගී වූහ.