Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

30th November 2023 10:49:01 Hours

නැගෙනහිර ආඥාපති මඩකලපුව අඟරදගුරු හමුවේ

නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි, ‍ඡ්‍යෙෂ්ඨ නිලධාරි මඩකලපුව අගරදගුරු ජෝසප් පොන්නයියා පියතුමා අද දින (නොවැම්බර් 29 ) මඩකලපුව බිෂොප් මන්දිරයේදී හමුවීය.

අගරදගුරුතුමන් සමඟ පැවති සාකච්ඡාවේදී ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් මඩකලපුව දිස්ත්‍රික්කයේ සිවිල්-හමුදා සම්බන්ධීකරණය සහ සියලු ජාතීන් අතර සංහිඳියාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කළහ. තවද, නැගෙනහිර මූලස්ථානයේ සම්බන්ධීකරණය ඇතිව ප්‍රදේශයේ ඉදිරි නත්තල් උත්සව සැමරුම් සඳහා සූදානම්වීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.

සියල්ලට පසු, අඟරදගුරුතුමා නැගෙනහිර ආඥාපතිතුමා හට ආශිර්වාද කළ අතර, ඉදිරි කටයුතු සඳහා ඔහුට සුබ පැතුවාය.

243 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ එම් සී එස් කුමාරසිංහ, ආරක්ෂක සේනා මුලස්ථානය (නැගෙනහිර) කර්නල් සම්බන්ධීකරන නිලධාරි කර්නල් ටී එච් එම් ඩී ආර් එම් පීරිස් ආර්එස්පී පීඑස්සී සහ ප්‍රධාන සිවිල් සම්බන්ධීකරන නිලධාරි කර්නල් එච් එච් පී සී හල්පගේ, 243 පාබල බලසේනාවේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිනන් කර්නල් ඩබ්ලිව් ඡි එන් ඩි විරසිංහ, 11 (සෙව්) සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ඩී එම් එන් පත්මසිරි යන ‍ඡ්‍යෙෂ්ඨ නිලධාරිවරුන්ද මෙම අවස්ථාවට සහභාගි විය.