Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th August 2023 21:55:18 Hours

නැගෙනහිර ආඥාපති පූනානි ප්‍රාදේශීය යුධෝපකරණ ගබඩා සංකීර්ණය සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත සංචාරයක

මේජර් ජෙනරාල් එම් කේ යූ පී ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරී නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමෙන් පසු 2023 අගෝස්තු මස 16 දින 23 වන පාබල සේනාංකයේ සංචාරය අතරතුර පූනානි ප්‍රාදේශීය යුධෝපකරණ ගබඩා සංකීර්ණය සහ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත සංචාරය කලේය.

ප්‍රථමයෙන් නැගෙනහිර ආඥාපතිතුමා පූනානි හි පිහිටි ප්‍රාදේශීය යුධෝපකරණ ගබඩා සංකීර්ණය වෙත පැමිණි අතර, එම සංකීර්ණයේ සේනාවිධායක කර්නල් බිඒඑස්එස්ඩි බුලත්ගම ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් ආඥාපතිවරයා උණුසුම් ලෙස පිළිගන්නා ලදී. අනතුරුව සේනාවිධායක විසින් දෛනික රාජකාරි සහ ගබඩා කර ඇති පතොරම් පිළිබඳ විස්තරයක් ආඥාපතිතුමා හට ඉදිරිපත් කරන ලදි. පසුව ආඥාපතිතුමා විසින් අඹ පැළයක් රෝපණය කර එම ගබඩා සංකීර්ණය හි කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. අනතුරුව ගබඩා සංකීර්ණ සේනාවිධායක විසින් ආඥාපතිතුමන් ගබඩා සංකීර්ණ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක් කැටුව යන ලදි. ඔහු සංකීර්ණයෙන් පිටත්ව යාමට පෙර අමුත්තන්ගේ පොතෙහි තම අදහස් සහ ප්‍රශංසනාත්මක වදන් කිහිපයක් තැබීය.

ඉන් අනතුරුව එදිනම සවස් භාගයේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත පැමිණි ආඥාපතිතුමන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඩබ් එම් එච් ඊ රත්නායක ඩබ්ඩබ්වි ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිස් ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී. ආඥාපතිතුමා පුනරුත්ථාපන වන රැදවියන් සමඟ අදහස් බෙදා ගනිමින් උපදෙස් කිහිපයක් ලබා දුන්නේය.

මෙම සංචාරය සදහා 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, බ්‍රිගේඩියර් කේ වි එන් පි ප්‍රේමරත්න ආර්එස්පි යුඑස්පි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරී, 23 වන පාබල සේනාංකයේ මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.