Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

12th July 2023 16:25:35 Hours

නැගෙනහිර ආඥාපති දීඝවාපිය විහාරස්ථානයේ පිරිත් සජ්ඣායනයට සහභාගි වෙයි

අම්පාර ‘දීඝවාපිය’ චෛත්‍ය ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ දෙවන අදියර ආරම්භ කිරීම සඳහා පිරිත් සජ්ඣායනා වැඩසටහනක් ඉරිදා 2023 ජුලි 09 දින සන්ද්‍යාභාගයේදී දීඝවාපිය විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. පෞරාණික පුදබිමේ පැවති මෙම පුජා වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන විජේසේකර ජ්‍යෙෂ්ඨ නිළධාරි සහභාගී විය.

මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා නැගෙනහිර ආඥාපතිතුමා සමඟ 22, 23, සහ 24 වන පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ. එපමණක් නොව, දීඝවාපිය විහාරස්ථාන පුද බිමේ පැවැත්වුනු මෙම පුණ්‍යකර්මය සඳහා අම්පාර ප්‍රදේශයේ මහා සඟරුවන සහ සැදැහැවත් ජනතාව රැස්ව සිටියහ.