Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

17th August 2023 22:57:19 Hours

නැගෙනහිර ආඥාපති 23 වන පාබල සේනාංකයේ සංචාරයක

නව නැගෙනහිර ආඥාපති ලෙස පත් වූ මේජර් ජෙනරාල් එම් කේ යු පි ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 අගෝස්තු මස 16 දින පූනානි හි පිහිටි 23 වන පාබල සේනාංක මූලස්ථානයේ නිල සංචාරයක නිරත විය.

23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කේවීඑන්පී ප්‍රේමරත්න ආර්එස්පී යුඑස්පී පීඑස්සී, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිවරයා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවේ, 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් පිවිසුම් දොරටුව අසලදී පිරිනමන ලද වර්ණවත් පසුකර යෑමේ කදවුරු මුරයකින් අනතුරුවය.

අනතුරුව ආඥාපතිතුමන් සේනාංකයේ මාණ්ඩලික කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට පෙර අඹ පැළයක් රෝපණය කළේය. තවද, ඔහු 23 වන පාබල සේනාංක භට පිරිස් අමතා සියලු නිල තේ පැන් සංග්‍රහයක් අතරතුර භට පිරිස් සමඟ සුහද සාකච්ජාවක නිරත විය. පසුව, සේනාංකාධිපති විසින් සේනාංකයේ කාර්ය භාරය සහ කර්තව්‍යයන් සහ එහි වගකීම් පිළිබඳ විස්තරයක් ආඥාපතිතුමන් වෙත ඉදිරිපත් කරන ලදී. සේනාංක මූලස්ථානයෙන් පිටත්ව යාමට පෙර, ආඥාපතිතුමා විසින් 23 වන පාබල සේනාංක අමුත්තන්ගේ පොතෙහි තම අදහස් සහ ප්‍රශංසා වදන් කිහිපයක් තැබීය.

නැඟෙනහිර ආඥාපතිතුමා මෙම සංචාරය අතරතුර ඔඩ්ඩමාවාඩි හි කොවිඩ් 19 සුසාන භූමිය සහ පුනානි විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත ද සංචාරය සිදු කලේය. 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 231 පාබල බලසේනාවේ බලසේනාධිපති, මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම වැඩසටහන් මාලාව සඳහා සහභාගී වූහ.