Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th January 2025 18:22:21 Hours

නවආඥාපතිආරක්‍ෂක සේනා (නැගෙනහිර) 22 වන පාබල සේනාංක බළප්‍රදේශ නිල සංචාරය

මේජර් ජෙනරාල් පිආර් පතිරවිතාන යුඑස්ඒඩබිලවිසි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති වශයෙන් වැඩ භාරගැනිමෙන් පසු 22 වන පාබල සේනාංකයේ පලමු නිල සංචාරය 2025ජනවාරි මස 22 දින සිදු කරන ලදී.

ඒ අනුව, 2025 ජනවාරි මස 22 දින ප්‍රථමයෙන් 22 වන පාබල සේනාංක මූලස්ථානය වෙත සපැමිනි අතර, ඉදිරිපස පිවිසුම් දොරටුව අභියසදී වර්ණවත් කදවුරු මුරයක් පිරිනැමීමෙන් අනතුරුව 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති විසින් නැගෙනහිර ආඥාපතිවරයාව උණුසුම් ලෙස පිළිගන්නා ලදී. ඉන් අනතුරුව සේනාංකාධිපති කාර්යාලය අභියස අඹ පැලයක් සිටුවා සේනාංක නිලධාරි කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදි.

තවද, සේනාංකාධිපති විසින් 22 වන පාබල සේනාංකයේ රාජකාරින් සහ බළප්‍රෙද්ශය පිළිබඳ ඉදිරිපත් කිරීමකින් අනතුරුව නැගෙනහිර ආඥාපති තුමන් සියළු භඨපිරිස් ආමන්ත්‍රණය කිරිමෙ පසු සියලු නිළ තේ පැන් සංග්‍රහයට එක්වන ලදි.