Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

14th August 2023 21:59:50 Hours

නව නැගෙනහිර ආඥාපති, ධූරයේ රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් එම් කේ යූ පී ගුණරත්න ආර්එස්පී එන්ඩියු පීඑස්සී අයිජි ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නව ආඥාපතිවරයා ලෙස 2023 අගෝස්තු 14 දින ආගමික ආශිර්වාද සහ හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

නව නැගෙනහිර ආඥාපතිවරයා ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පැමිණීමත් සමඟ ප්‍රධාන දොරටුව අභියසදී ඔහුට පිරිනමන ලද කදවුරු මුරයකින් දිනයේ කටයුතු ආරම්භ විය. අනතුරුව, ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් ඒ එච් ඒ ඩී ආරියසේන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී පීටීඑස්සී විසින් ඔහුව උණුසුම් ලෙස පිළිගත් අතර, 9 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් ගෞරව සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන් සුළු මොහොතකට පසු ආගමික වතාවත් සහ චාරිත්‍ර වාරිත්‍ර මධ්‍යයේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සර්ව ආගමික පූජකවරුන් ඉදිරියේ මේජර් ජෙනරාල් එම් කේ යූ පී ගුණරත්න ආර්එස්පී එන්ඩියු පීඑස්සී අයිජි ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් සංකේතාත්මකව රාජකාරි ලිපියකට අත්සන තබමින් නව ධූරයේ වැඩ භාර ගන්නා ලදී.

ඉන් අනතුරුව, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් විසින් එම මූලස්ථාන පරිශ්‍රයේ පැළයක් සිටුවීමට පෙර සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේ ආඥාපති ධූරයේ වැඩභාර ගැනීම සිහිකිරීමක් වශයෙනි. තවද, නැගෙනහිර නව ආඥාපති විසින් පසුව පැවති භට පිරිස් ඇමතිම අතරතුර, පැවරී ඇති රාජකාරි සහ වගකීම් සම්බන්ධයෙන් තම නිලධාරීන් සහ සෙසු නිලයින් දැනුවත් කරන ලදී.

දවසේ න්‍යාය පත්‍රය අවසානයේදී, ඔහු සෙසුනිළ භෝජනාගාරයෙහි සූදානම් කර තිබූ සියලුම නිල තේ පැන් සංග්‍රහය සහභාගී විය. 22¸ 23 සහ 24 වන පාබල සේනාංකවල සේනාංකාධිපතිවරුන්, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර , බලසේනාධිපතිවරුන්, අණදෙන නිළධාරීන්, මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් මෙම වැඩසටහන් මාලාව සඳහා සහභාගී වූහ.