Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th January 2025 11:02:56 Hours

නව ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති 223 පාබල බලසේනාවේ සංචාරයක.

ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති 2025.01.23 වන දින 223 පාබල බලසේනාව වෙත සංචාරය කල අතර, එහිදි බළසේනාධිපති හා ඒකක අණදෙන නිලධාරි විසින් නැගෙනහිර ආඥාපතිවරයා හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව ඔවුන්ගේ කදවුරු වෙත උණුසුම් අයුරින් පිළිගන්නා ලදි. පසුව තම බළප්‍රදේශයන්හි රාජකාරින් පිළිබඳව දැනුවත් කිරිමක් සිදුකරන ලදි.

මෙම සංචාරය සඳහා ආරක්ෂක සේනා (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් පි ආර් පතිරවිතාන යුඑස්ඒඩබ්ලිව්සි පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්, ආරක්‍ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ 22 වන පාබල සේනාංකයේ ඡ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සංචාරය සඳහා සහභාගි වන ලදි.