Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

01st March 2022 22:19:42 Hours

නව 24 වන සේනාංකාධිපති බළප්‍රදේශයේ සහ ඒකක සංචාරයක නිරත වෙයි

නවතමයෙන් රාජකාරි භාරගන්නා ලද 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සාලිය අමුණුගම පෙබරවාරි මස 19 සහ 20 යන දෙදින තුළ 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුව, 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුලුව, 242 පාබල බළසේනාව හා 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත සංචාරය කරන ලදි.

එම චාරිකාවලදී ආරක්‍ෂක විධිවිධාන, කෑම සහ ඉවුම් පිහුම් පහසුකම්, සෙසුනිලයන් සඳහා සුබසාධන පහසුකම් ආදිය පිළිබඳව ඔහුව දැනුවත් කරන ලදී.

භට පිරිස් අමතම්න් සේනාංකාධිපති විසින් අවධාරනය කර සිටියේ සෑම තරාතිරමකම ඉහළම විනය පවත්වා ගනිමින් යුද හමුදාවේ ප්‍රතිරූපය ආරක්ෂා කිරීම මුලික වගකිමක් බවයි. මිට අතරව යුද හමුදාව වෙත මේ වන විට පැවරී ඇති ප්‍රම්‍රඛතම කාර්්‍යක් වන කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ රජයේ ප්‍රයත්නය ශක්තිමත් කිරීමට යුද්ධ හමුදා දායකත්වය ලබාදිම අවශතාවය පැහැදිලේ කලේය.