Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

16th January 2024 14:51:06 Hours

නයිනකාඩු වාරි අමුණ පිරිසිදු කිරීමට 241 පාබල බලසේනාවේ භටපිරිස් සහයවේ

2024.01.11 දින පැවැති අධික වර්.ෂාපතනය හේතුවෙන් අම්පාර අක්කරපත්තුව ප්‍රදේශයේ ස්ථාපිත 241 පාබල බළසේනා මුලස්ථානයේ බළප්‍රදේශයට අයත් සමන්තුරේ නයිනකාඩු වාරිමාර්.ග ඇල අධික වර්ෂාව සමග ගසාගෙන පැමිණී අපද්‍රව්‍ය, ගස්වල අතු සහ විශාල දැව කදන් හිරවිම හේතුවෙන් සොරොව්ව අවහිරවිමෙන් එම ප්‍රදේශය ජලයෙන් යටවිමේ අවධානමක් ඇතිවු බැවින්, 241 පාබල බළසේනාවේ බළසේනාධිපතිගේ උපදෙස් පරිදි බළසේනාවේ භටපිරිස් 3X 15 දෙනෙකුගේ ශ්‍රමදායකත්වය සපයා සොරොව්ව පිරිසිදු කර ජලය ගලායෑම නැවත යතාතත්වයට පත් කරන ලදි. ඒ සදහා ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ සහ වාරිමාර්.ග දෙපාර්තමේන්තුවේ සහය ලබාදුන් අතර, වාරිමාර්.ග දෙපාර්තමේන්තුව මගින් ස්කැවේටර් යන්ත්‍රයක්ද සපයාදෙන ලදි.