Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

27th October 2023 13:50:44 Hours

දිලිදු පවුලක් වෙත නව නිවසක් ඉදිකර පරිත්‍යාග කරයි

ආරකෂක සේනා මුළස්ථානය නැගෙනහිර ආඥාපති තුමාගේ හා 23 වන පාබල සේනාංක මුළස්ථානයේ සේනාංකාධිපති හා 233 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමාගේ පුර්ණ අධික්ෂණය සහ මග පෙන්විම යටතේ 9 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ භඨ පිරිස් විසින් අංක 163 මහවැව කොළකණවාඩිය ලිපිනයෙහි කුඩා පැල්පතක පදිංචිව සිට පිය සෙනෙහස කුඩා කල්හිදි අහිමි වු තම අබාධිත මව හා මිත්තනිය සමග ජිවත්වන 8 හැවරදි නිලුෂ චමිදු කුමාර පුතනුවන් හට අංග සම්පුර්ණ නිවසක් පරිත්‍යාග කරයි.

මෙය නිලුෂ පුතනුවන්ගේ 8 වන ජන්ම දිනය යෙදි තිබු 2023 ඔක්තෝබර් මස 25 වන දින ආරක්ෂක සේනා නැගෙනහිර මේජර් ජෙනරාල් ප්‍රසන්න ගුණරත්න ආර්එස්පි එන්ඩියු පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමාගේ ප්‍රධානත්වයෙන් වැලිකන්ද ප්‍රාදේශිය ලේකම් තුමාද, යුද්ධ හමුදා නිළධාරින් හා රාජ්‍ය නිළධාරින්ගේ සහභාගිත්වයෙන් එම නිවස පිලිගන්වන ලදි. උත්සවයේ නිමාව සනිටුහන් කරමින් ආරාධිත අමුත්තා සහ අනෙකුත් ආරාධිතයින් විසින් ප්‍රථිලාභින් හට ගෘහ භාණ්ඩ, පාසල් උපකරණ සහ වියලි ආහාර ප්‍රධානය කරන ලදි.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනිම සදහා රාජ්‍ය ආයතන සිවිල් ආයතන ප්‍රාදේශිය දානපතියන් විසින් ලබා දෙන ලද මුල්‍යමය හා ද්‍රව්‍යමය ආධාර මහත් රුකුලක් වු අතර 9 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාවේ අණ‍දෙන නිළධාරි ලුතිතන් කර්නල් එම්අයිඑස් චන්ද්‍රකුමාර යුඑස්පි පිඑස්සි අයිජි ජ්‍යෙෂ්ඨ නිළධරිගේ සෘජු අධික්ෂණය යටතේ සියලු නිළධාරින්ගේ ශ්‍රම දායකත්ව‍යෙන් ආරක්ෂක සේනා නැගෙනහිර බළප්‍රෙද්ශයේ වාසය කරන ලද තවත් එක් දිලිදු පවුලකගේ නිවාස සිහිනය සැබැ කිරිමට හැකි විය.