?
18th December 2025 09:34:50 Hours
2025 නොවැම්බර් මස 27 දින මුලු දිවයිනටම බලපාන ලෙස හමාගිය දිටිවා සුලි කුනාටුවෙන් අවතැන් වු මෙම බලප්‍රදේශයට අයත් ප්‍රජාව වෙනුවෙන් රුපියල් 5000ක මුල්‍ය වටිනාකමකින් යුත් වියලි සලාක මලු 200 ක් බෙදාදිමේ වැඩසටහනක් 2025 දෙසැම්බර් මස 15 වන දින 22 වන පාබල සේනාංකයේ සේනංකාධිපතිගේ ප්‍රධානත්වයෙන් කුච්චවේලි විවේකානන්ද මහා විද්‍යලයේ ශ්‍රවනාගාරයේදි පවත්වන ලදි.
මෙම උතුම් සත්කාරය සදහා 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්ඩිඑල්එස් පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩිසි , 221 පාබල බළසේණා මුලස්ථානයේ බළසේනාධිපති බ්‍රිගේඩියර් බිඒඑම්සී බෙලිගස්වත්ත ආර්එස්පී, ප්‍රාදේශිය ලේකම් කුච්චවේලි , ඒකක අණදෙන නිළධාරි වරුන් සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින් හා අවතැන් වු ප්‍රජාවද සහ නිලධාරි/සෙනින්ගේ 08x65 සහභාගි වු අතර, මෙම වැඩසටහන 221 පාබල බලසේණා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිළධාරිගේ අධික්‍ෂණය යටතේ පවත්වන ලදි.