Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

28th February 2024 13:32:53 Hours

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් වෙත නව නිවසක් ඉදිකිරීමට මුල්ගල තබයි.

22වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් පීඒඑම් පීරිස් ආර්එස්පි යුඑස්පි පිඑස්සි යන ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයක් මත 221වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්කේඒආර්පි රත්නායක ආර්එස්පි යුඑස්පි පිඑස්සි ඡ්‍යෙෂ්ඨ නිලධාරිගේ පුර්ණ සම්බන්ධිකරණයෙන් යුතුව 2(සෙව්) ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එච්ජිකේඑස් ධර්මදාස ආර්ඩබ්ලිව්පී ආර්එස්පි නිලධාරිගේ පුර්ණ අධික්ෂණය යටතේ ඒකක බලප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වන ත්‍රිකුණාමලය නගර හා කඩවත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් 229 බී ග්‍රාම නිලධාරි වසමේ අංක 321/110, අරලිය මල් මාවත 5 කණුව නුවර පාර ත්‍රිකුණාමලය ලිපිනයේ පදිංචි අඩු ආදායම්ලාභි ජිකේකේ ආනන්ද ජයරත්න මහතා ඇතුලු පවුලේ අය වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සදහා මුල්ගල තැබිමේ උත්සවය 2024 පෙබරවාරි මස 25 වැනි දින සුභ මොහොතින් සිදුකරන ලදි.

මෙම නිවස ඉදිකිරිම සදහා මුල්‍ය දායකත්වය ගුණසේකර මහතා විසින් ලබා දී ඇති අතර ඉදිකිරිම් කටයුතු මාස 03 ක කාලසිමාවක් තුල නිමකිරිමට අපේක්ෂා කරයි.