Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

21st April 2018 16:11:00 Hours

ජාතික කාන්තා දිනය සැමරිම සදහා පොළොන්නරුවේ කාන්තාවන් අත්වැල් බැදගනි

දියුණුවේ මංපෙත හෙලිකරයි ඇය සවිමත් යන තේමාව යටතේ යුද්ධ හමුදාධිපති තුමන්ගේ උපදෙස් පරිදි කාන්තා හා ළමා කාර්යංෙශය හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකාය එක්ව 2018 මාර්තු 07 වන දින පොළොන්නරුව රාජකීය විද්‍යාලීය ක්‍රීඩාංගනයේ කාන්තා දින සැමරුම් උළෙලක් පවත්වන ලදි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බළකායේ විවිධ අංශවලින් ඔවුන්ගේ භූමිකාව ප්‍රදර්ශනය කිරිම සදහා ප්‍රදර්ශන කුටි විශාල ප්‍රමාණයක් නිර්මාණය කර තිබු අතර, එය කාන්තා ළමා කටයුතු ගරු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මියගේ සුරතින් විවෟත කරන ලදි.

ඒ අනුව සංඥා බලකායේ කාන්තා සෙබළියන් විසින් තම වගකිම් හා කාර්යන් සයිබර් ආරකෂාව සදහා ඔවුන්ගේ දායකත්වය සහ පරිගණක පද්ධතිය ආර‍කෂා කර ගන්නේ කෙසේද යන්න ඔවුන්ගේ මෟදුකාංග හෝ තොරතුරුවලට හානිකර ආකාරය පෙන්වා දෙන ලදි. ඉංජිනේරු සේවා බලකා කුටිය මගින් ශ්‍රී ලංකා යුධ හමුදාවට ඉංජිනේරු සේවයේ පහසුකම් සැළසුම් කිරිම හා නඩත්තු කිරිමට කාන්තාවන්ගේ දායකත්වයද ශ්‍රි ලංකා යුධ හමුදා පොලිස් හේවා බළකා ප්‍රදර්ශන කුටිය මගින් කාන්තාවන්ගෙන් ඉටුවන ආර‍කෂක රාජකාරි වල ඇති වගකීම් හා කාර්යභාර්ය පෙන්වා දෙන ලදි. සෞඛ්‍ය සම්පන්න යුද්ධ හමුදාවක් සදහා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ කාන්තා සෙබළියන්ගේ වගකිම් හා කාර්යභාර්ය වෛද්‍ය බලකා ප්‍රදර්ශන කුටියෙන් පෙන්වා දෙන ලදි. වසර 39 ක ඉතිහසය තුල යුද්ධ හමුදා කාන්තාවන්ගේ කැපවිම හා උත්සහය මෙන්ම කාන්තා සෙබළීයගේ නව නිපැයුම් පැමිණි සිටි සිවිල් ජනතාව හා පාසල් සිසුන් හට දැකබලා ගැනිමට හැකියාව ලැබිනි.

ආඥාපති ආරෂක සේනා (නැගෙනහිර) මේජර් ජෙනරල් සන්තුසිත පනන්වල යන ‍ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මගෙපන්විම යටතේ සංවිධානය කරන ලද මෙම උ‍ළෙල තුලින් කාන්තා සෙබළියන්ගේ දක්ෂතා දැකගැනිමට ලැබිනි. 3 (සෙව්) කාන්තා බළකායේ අණදෙන නිළධාරිණි මේජර් චමරි විජේතිලක යන ජ්‍යෙෂ්ඨ නිළධාරිණිගේ අධිෂණය යටෙත් මෙම වැඩසටහන පැවැත්වු අතර ඒ සදහා කාන්තා බලකායේ කැපවිම සහ පුර්ණ සහයෝගය මෙම උත්සවය සාර්ථක කර ගැනිම සදහා ඉවහල් විය. මෙහිදි කාන්තා බලකායේ නිළධාරිණින් (කපිතන් අයි බි ඒම් වික්රකමසිංහ හා අයි ඩි ඩි මුතුමාලි සහ යුද්ධ හමුදාවේ කාන්තා සෙබළියන් හා ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ ගුවන් කාන්තා සෙබළියන් 06 දෙනෙක් විසින් අඩි 7000ක ඉහල අහෙසහි සිට පැරෂුට් යොදාගෙන පොළවට ගොඩබැසිමේ සංදර්ශණයක් ඉදිරිපත් කල අතර කාන්තා සෙබළියන් විසින් ඉදිරිපත් කරනු ලැබු ශාරිරික අභ්‍යාස සංදර්ශණ හා ආත්මාරකෂක සටන්කලා සංදර්ශණය උත්සව අවස්ථාවට පැමිණි සිටි අයවලුන්ගේ විශේෂ අවධානයට ලක්විය. තවද ඔවුන් විසින් ඉදිරිපත් කරනු ලැබු සංස්කෘතික නැටුම් සංදර්ශනය හා තුර්ය වාදක සංදර්ශණය තුලින් කාන්තාවන්ගේ දක්ෂතා පෙන්නුම් කලේය.

මෙම අවස්ථාව සදහා පොළොන්නරුව දිස්ත්‍රක් ලේකම් රංජිත් ආරියරත්න මහතා, ආඥාපති ආරෂක සේනා (නැගෙනහිර) මේජර් ජෙනරල් සන්තුසිත පනන්වල, ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මේජර් ජෙනරල් මනෝජ් මුදන්නායක, පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘති අධකෂක මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ (විශ්‍රාමික) අැතුලු නිළධාරින් රැසක් සහභාගි විය.