Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th October 2022 14:15:05 Hours

ජාත්‍යන්තර සංචාරක දිනයට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක් හා ආරුගම්බේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වීම

ජාත්‍යන්තර සංචාරක දිනයට සමගාමීව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ සංචාරක හා කර්මාන්ත මණ්ඩලය එක්ව 2022 සැප්තැම්බර් මස (29) බ්‍රහස්පතින්දා ආරුගම්බේ හි සංචාරක සංවර්ධන වැඩසටහන් මාලාවක් යුද, නාවික, ගුවන් සහ පොලිසියේ සහයෝගීතාවයෙන් සංවිධානය කර ඇත.

ඒ අනුව, පොතුවිල් කලපුව ආශ්‍රිතව රුක් රෝපණ වැඩසටහනක්, ආරුගම්බේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක්, සංස්කෘතික අංග කිහිපයක් සමඟින් අරුගම්බේ "රූපස් බීච්" හෝටලයේදී දැනුවත් කිරීමේ වැඩසටහනක් ලෙස මෙම වැඩසටහන් පැවැත්විණි.

තවද, 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සාලිය අමුණුගම ආර්ඩබ්පී ආර්එස්පී එන්ඩීයූ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මගපෙන්වීම මත 242 වන පාබල ඉළෙස්නාවේ බළසේනාධිපති කරනල් අනුරුද්ධ සෝලංගආරච්චි ආර්එස්පී පිඒස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරී සහ 242 පාබල බළෙස්නාවේ සිවිල් සම්බන්ධීකරණ නිළධාරී ලුතිනන් කර්නල් ප්‍රසාන් ද සිල්වා ජ්‍යෙෂ්ඨ නිළධාරී සමගින් භඨපිරිස්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.