Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd March 2023 22:21:08 Hours

ගුවන් හමුදා පාපැදි සවාරිය පොළොන්නරුව නගරයට පැමිණෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අදියර 3ක් යටතේ සංවිධානය කරන ලද ගුවන් හමුදා පාපැදි සවාරිය කොළඹ, ගම්පහ, කෑගල්ල, මහනුවර, මහියංගනය, පොළොන්නරුව, දඹුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2023 මාර්තු මස 2, 3 සහ 4 යන දිනවලදී පැවැත්විණි. 2023 මාර්තු 3 වන දින ගුවන් හමුදා පාපැදි සවාරියේ 2 වන අදියර මහනුවර නගරයෙන් ආරම්භ වූ අතර පාපැදි සවාරිය පොළොන්නරුව නගරයට ළඟා වීමෙන් පසු අවසන් විය. ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් පාපැදි ශූරයන් රැසක් මෙම පාපැදි සවාරියට සහභාගි වූහ.

අදියර 3ක් යටතේ පැවැත්වෙන මෙම ගුවන් හමුදා පාපැදි සවාරියේ 3 වන අදියර 2023 මාර්තු 04 වන දින පොළොන්නරුව නගරයෙන් ආරම්භ වන අතර පාපැදි සවාරිය අනුරාධපුරය දක්වා ගමන් කර අනුරාධපුර නගරයෙන් පාපැදි සවාරියේ නිමාව සනිටුහන් කරයි.