Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th March 2023 15:04:01 Hours

ගුවන් හමුදා පාපැදි සවාරිය අනුරාධපුර නගරයෙන් සමාප්තිය සටහන් කරයි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අදියර 3ක් යටතේ සංවිධානය කරන ලද ගුවන් හමුදා පාපැදි සවාරිය කොළඹ, ගම්පහ, කෑගල්ල, මහනුවර, මහියංගනය, පොළොන්නරුව, දඹුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2023 මාර්තු මස 2, 3 සහ 4 යන දිනවලදී පැවැත්විණි.

අදියර 3ක් යටතේ පැවැත්වු මෙම ගුවන් හමුදා පාපැදි සවාරියේ 3 වන අදියර 2023 මාර්තු 04 වන දින පොළොන්නරුව නගරයෙන් ආරම්භ වී පාපැදි සවාරිය අනුරාධපුරය දක්වා ගමන් කර අනුරාධපුර නගරයෙන් සමාප්තිය සටහන් විය. 2023 ගුවන් හමුදා පාපැදි සවාරි‍යේ ශූරයන් ලෙස ශ්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම තේරි පත්විය.