Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th August 2023 16:21:19 Hours

ගන්තලාව ප්‍රදේශයේදි නීති විරෝධි මත්ද්‍රව්‍ය අල්ලා ගැනීම

7 වන සන්නද්ධ බුද්ධි බළකායට අයත් බුද්ධි භටපිරිස් ලද තොරතුරකට අනුව, එම භටපිරිස් සහ කන්තලේ පොලිස් නිලධාරීන් සමග එක්ව 2023 අගෝස්තු මස 23 වන දින ගන්තලාව ප්‍රදේශයේදී සිදුකරන ලද වැටලීමකින් පසුව නීතිවිරෝධී මත්ද්‍රව්‍යයක් වන හෙරොයින්(Heroin) මිලි ග්‍රෑම් 270 ක ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. එම මත්ද්‍රව්‍ය සමග සැකකරු ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කන්තලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු සිදුකර ඇත.

ආරක්‍ෂක සේනා (නැගෙනහිර) ආඥාපති, 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 222 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 7 වන සන්නද්ධ බුද්ධි බළකායේ අණදෙන නිලධාරී සමග එක්ව ඉහත වැටලීම් පිළිබදව අධීක්ෂණය කළ අතර, මෙම වැටලීම් මගින් ප්‍රදේශයේ නීතිවිරෝධී ක්‍රියාකාරකම් නැවතෙන අතර, එමගින් යුද්ධ හමුදාව කෙරෙහි සිවිල් ජනතාවගේ විශ්වාසය ඉහළ නම්වනු ඇත.