?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

06th December 2025 09:36:25 Hours

කොක්කඩිචෝලේ ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් පවුල් සඳහා වියළි සලාක මලු පරිත්යාග කිරීම.

24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේඩබ්ලිව් ජයවීර යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ විශේෂ මඟ පෙන්වීම යටතේ සහ 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේඑම්යූපී කළුපහන යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මඟපෙන්වීම යටතේ 11 වන බලඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් බීආර්එම්ජීඩබ්ආර් බලගල්ල ශ්‍රිලසීරෙ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ කොක්කඩිචෝලෙයි හි ගංවතුරෙන් පීඩාවට පත් පවුල් සඳහා වියළි සලාක මලු 50ක් බෙදා දීමේ වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසහන 2025 දෙසැම්බර් 05 වන දින 243 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් ඇතුළු 11 වන බලඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ 02 × 10 භඨ පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.