Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

28th November 2022 19:47:12 Hours

කෘත්‍රිම අමුද්‍රව්‍ය සහ ලුණු මිශ්‍ර කර නීති විරෝධී ලෙස පොහොර සකසන පොහොර ගබඩාවක් අත්තඩංගුවට ගැනීම.

ලද බුද්ධි තොරතුරක් මත ආරක්ෂක සේනා (නැගෙනහිර) මූලස්ථානය යටතේ ඇති 24 පාබල සේනාංකයට අයත් 3 (ස්වේච්ඡා) බුද්ධි බළකායේ (241 පාබල බලසේනාවට අනුයුක්ත), 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් සහ තිරුක්කෝවිල් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එක්ව කෘත්‍රිම අමුද්‍රව්‍ය සහ ලුණු මිශ්‍ර කර නීතිවිරෝධී ලෙස පොහොර නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවන් 6 දෙනෙකු සමග ටොන් 40ක් පමණ නිතිවිරෝධි පොහොර සහිත පොහොර නිෂ්පාදන ගබඩාවක් 2022.11.24 නින්දවූර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. පසුව නීති විරෝධී පොහොර සහ උපාංග සමඟ සැකකරුවන් ඉදිරි විමර්ශණ සඳහා "නින්දවූර්" පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කරන ලදී.

ආඥාපති, ආරක්‍ෂක සේනා (නැගෙනහිර) 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති සමඟ එක්ව වැටලීම නිරීක්ෂණය කර ඒ අනුව උපදෙස් ලබාදෙන ලදී. ප්‍රදේශයේ නිතිවිරෝධි කටයුතු නැවත්වීමෙන් ආරක්‍ෂක අංශ පිළිබඳව ප්‍රදේශයේ මහජනතාවගේ විශ්වාසය ඉහළ යනු ඇත.