?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th August 2025 11:16:34 Hours

කුච්චවේලි ගම්මානයේ ගැබිනි මව්වරුන් හට 221 පාබල බලසේනාව විසින් පෝෂණ මලු පරිත්‍යාග කරයි

221 පාබල බලසේනාවේ බළසේණාධිපති බ්‍රිගේඩියර් ඊඩබ්ලිව්ආර්එස්බී ඇහැලේපොල යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ මඟ පෙන්වීම සහ සම්බන්ධීකරණය යටතේ, බලසේනාවේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී සහ ගජබා රෙජිමේන්තුවේ 20 වන බලඇණිය සමඟ එක්ව, ගැබිනි මව්වරුන්ට පෝෂණ මලු පරිත්‍යාග කිරීමේ ප්‍රජා සුභසාධන වැඩසටහනක් 2025 අගෝස්තු 13 වන දින 221 පාබල බලසේනා මූලස්ථානයේදී සාර්ථකව පැවැත්විණි.

එක්සත් රාජධානියේ පදිංචි ධානපතියන් වන වෛද්‍ය කමින්ද කන්කානිගේ සහ අනුරංග ගුණතිලක මහතාගේ ත්‍යාගශීලී මූල්‍ය දායකත්වය තුළින් මෙම මුලපිරීම සිදුකළ අතර, බලසේනාධිපතිවරයා විසින් ඔවුන්ගේ සහයෝගය ලබා දෙන ලදී. මෙම වැඩසටහනේ කොටසක් ලෙස, කුච්චවේලි හි වඩලිකුලම් ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ අඩු ආදායම්ලාභී පවුල්වල ගැබිණි මව්වරුන් දොළොස් දෙනෙකු සඳහා රු. 8,000 බැගින් වටිනා පෝෂණ මලු බෙදා දෙන ලදී.

මෙම පරිත්‍යාගය බලසේනාවේ අඛණ්ඩ ප්‍රජා සහයෝගයේ කොටසක් වූ අතර, එය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මූලික ආරක්ෂක වගකීම්වලට අමතරව දේශීය යහපැවැත්ම වැඩිදියුණු කිරීම සඳහා ඇති කැපවීම ඉස්මතු කළේය. වැඩිදියුණු කළ මාතෘ පෝෂණය මව්වරුන්ට සහ අලුත උපන් බිළිඳුන්ට සැලකිය යුතු ලෙස ප්‍රයෝජනවත් වන බව අවධාරණය කරමින් ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන් මෙම මුලපිරීම අගය කළහ.

මෙම අවස්ථාවට කුච්චවේලි රෝහලේ වෛද්‍ය නිලධාරී, ප්‍රාදේශීය නිලධාරීන්, ආරාධිතයින් සහ ප්‍රතිලාභීන්ගේ පවුලේ සාමාජිකයින් සහභාගී වූහ.