Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th January 2025 14:42:44 Hours

කාලිංගවිල ප්‍රාථමික විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදි කාලිංගවිල කණිෂ්ඨ විද්‍යාලය, මහසෙන්පුර ප්‍රාථමික විද්‍යාලය හා නාගස්තැන්න ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන්ගේ අධ්‍යපනය ශක්තිමත් කිරිම සඳහා පාසල් උපකරණ සහ ක්‍රීඩා භාණ්ඩ ලබාදෙයි.

මෙම බළප්‍රදේශයෙහි පිහිටා ඇති 9 වන ශ්‍රීලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් කාලිංගවිල ප්‍රාථමික විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදි කොළඹ “තරණ පදනම” හා “සිද්ධාලේප සමුහ ව්‍යාපාරයේ” දානපතියන්ගේ ප්‍රධානත්වයෙන් කාලිංගවිල කණිෂ්ඨ විද්‍යාලය, මහසෙන්පුර ප්‍රාථමික විද්‍යාලය හා නාගස්තැන්න ප්‍රාථමික විද්‍යාලයේ දරු දැරියන්ගේ අධ්‍යපනය ශක්තිමත් කිරිම සඳහා 2025.01.04 වන දින කාලිංගවිල කණිෂ්ඨ විද්‍යාලයේදි පාසල් පොත්, පාසල් උපකරණ හා ක්‍රිඩා භාණ්ඩ බෙදාදිමේ උත්සවයක් පවත්වන ලදි.

මෙහිදි පාසල් 03 හිම සිසුන් 430 දෙනෙකු හා ගුරුවරුන් 28 දෙනෙකු වෙත පාසල් පොත්, පාසල් උපකරණ හා ක්‍රිඩා භාණ්ඩ බෙදාදිම 23 පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත කාරියවසම් ජ්‍යෙෂ්ඨ නිලධාරී හා කොළඹ තරණ පදනමේ ගරු සභපතිනිය වන සුරංජි වික්‍රමරත්න මහත්මියගේ හා එහි සාමාජිකයින්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි.

තවද, මෙම වැඩසටහන පාසලේ දුවා දරුවන්ගේ නර්ථන අංග වලින්ද විචිත්‍රවත්වු අතර, උත්සව කටයුත්ත සංවිධානය කිරිම 9 වන ශ්‍රීලංකා කාලතුවක්කු රෙජිමේන්තුව විසින් සිදුකරන ලදි.