?

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

28th July 2025 11:37:27 Hours

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව අක්කරපත්තු අරසඩි ප්‍රදේශය 241 පාබල බලසේනාවේ භඨපිරිස් විසින් පිරිසිදු කරයි.

ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට සමගාමීව 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්සීඑල් ගලප්පත්ති ආර්එස්පී යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් හා මඟ පෙන්වීම මත 241 පාබල බලසේනාවේ භඨපිරිස් විසින් අම්පාර අක්කරපත්තුව මාර්ගයේ අක්කරපත්තු නගර පිවිසුම් ආසන්නයේ අරසඩි ප්‍රදේශයේ ජනයාගේ සෞඛ්‍යයට තර්ජනයක් වන අයුරින් දීර්ඝකාලිනව අක්‍රමවත් අයුරින් සිදුකරන ලද කසල බැහැරකිරිමේ ස්ථානය පිරිසිදු කිරිමෙන් අනතුරුව කසල බැහැර කිරීම ක්‍රමවත්ව සිදුකල යුතු ආකාරය පිළිබදව දැනුවත් කිරිමක් 2025 ජුලිමස 26 දින සිදු කරන ලදි. මේ සඳහා යුද්ධ හමුදා භඨපිරිස් 03 x 20ක් සහ ආලයාඩිවෙම්බු ප්‍රාදේශිය සභා ආලයාඩිවෙම්බු ප්‍රාදේශිය ලේකම් කාර්යාල කාර්ය මණ්ඩලය හා ප්‍රදේශයේ ජනතාව 50 දෙනෙකු ඇතුලු යන්ත්‍රසූත්‍ර ට්‍රැක්ටර් රථ සමඟින් සහභාගි වන ලදි.