Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

08th February 2025 15:12:32 Hours

ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමීව බළඇණි පුහුණු පාසල පුනානි සහ 7 වන සැහැල්ලු කාලතුවක්කු හමුදාව විසින් පරිසරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් පවත්වන ලදී.

ක්ලීන් ශ්‍රි ලංකා වැඩසටහනට සමගාමීව බළඇණි පුහුණු පාසල පුනානි සහ 7 වන සැහැල්ලු කාලතුවක්කු හමුදාව විසින් 77 වන නිදහස් දින වැඩසටහන වෙනුවෙන් පරිසරය පිරිසිදු කිරිමේ වැඩසටහනක් පවත්වන ලදී.

බපුපා පුනානි සේනාවිධායක තුමන් සහ 7 වන සැහැල්ලු කාලතුවක්කු හමුදා අණදෙන නිලධාරිගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන සිදුකරන ලදී.

එම පරිසරය පිරිසිදු කිරිමේ වැඩසටහන සදහා බළඇණි පුහුණු පාසල පුනානි සහ 7 වන සැහැල්ලු කාලතුවක්කු හමුදාව වෙතින් 60 ක භඨපිරිස් ප්‍රමාණයක් සහභාගී කරවාගෙන 23 වන පාබල සේනාංක මුලස්ථාන කදවුර ඉදිරිපිට ඒ - 11 මාර්ගය දෙපස එම පිරිසිදු කිරිම් කටයුතු සාර්ථකව සිදුකරන ලදී.