Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th November 2023 15:11:27 Hours

කදිරවේලි විග්නේෂ්වරම් විද්‍යාලයේ සිසු දරු දැරියන් සදහා අන්තරායකර ඹෟෂධ හා මත්ද්‍රවය පිලිබද දේශණයක් පවත්වයි

ආරකෂක සේනා මුලස්ථානය නැගෙනහිර ආඥාපතිගේ හා 23 වන පාබල සේනාංක මුළස්ථානයේ සේනාංකාධිපතිගේ සංකල්පයක් මත සිවිල් ජනතාව සහ පාසල් දුවා දරුවන් මත්ද්‍රවය උවදුරින් බේරා ගැනිමේ උදාරතර සංකල්පය පලගන්වමින් කදිරවේලි විග්නේෂ්වරම් විද්‍යාලයේ සිසු දරුවන් හට මත්ද්‍රවය උවදුරින් බේරිම සදහා හරවත් දේශණයක් 2023.11.21 වන දින 1100 පැයේ සිට 1300 පැය දක්වා කාලය තුල පවත්වන ලදි.

මෙම දේශණය සදහා කදිරවේලි විග්නේෂ්වරම් විද්‍යාලයේ 300කට අධික සිසු සිසුවියන් සහ ගුරුභවතුන් 15 දෙනෙකු සහභාගිවු අතර, මෙම හරවත් දේශණය අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ මඩකළපු දිස්ත්‍රික් සම්බණ්ධිකාරක පි තිනේෂ් මහතා විසින් සිදු කරන ලදි.

මෙම දේශණය සදහා 7 වන ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරි සහ පුනුරුත්තාපන සම්බන්ධිකරණ නිලධාරි - ලුතිතන් කර්නල් ඊයුඩබ්ලිව්එන්සි ඇහැලේපොල ජ්‍යෙෂ්ඨ නිලධාරිද සහභාගිවු අතර, මෙම දේශණය සම්බන්ධිකරණ කටයුතු සිදු කරන ලද්දේ පුනුරුත්තාපන අධ්‍යක්ෂක ජෙනරාල් ශාඛාවේ මඩකළපුව දිස්ත්‍රික් ප්‍රධාන සම්බන්ධිකාරක ලුතිතන් කර්නල් චන්දික ඇහැලේපොල ජ්‍යෙෂ්ඨ නිලධාරි විසිනි.