Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th October 2022 14:01:12 Hours

කදිරවේලි "අවතියර් බාලිකා" ළමා නිවාසෙය් ළමුන් සඳහා විශේෂ දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ආර්ඩබ්පි ආර්එස්පි ඒන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ෂෙවන්ත් කුලතුංග ආර්ඩබ්පි ආර්එස්පි යූඑස්පී පිඒස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මඟපෙන්වීම සහ 233 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවග් ආර්ඩබ්පි ආර්එස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ අධීක්ෂණය යටෙත් කදිරවේලි "අවතියර් බාලිකා" ළමා නිවාසෙය් ළමුන් සදහා වශේෂ දිවා භෝජණ සංග්‍රහයක් සංවිධානය කළේය.

ඒ අනුව "ලෝක ළමා දිනය" ට සමගාමීව 2022 ඔක්තෝබර් මස (01) දින මෙම වැඩසටහන පවත්වන ලදි. ළමුන් 37 දෙනෙකුට සහ කාර්ය මණ්ඩලයේ 07 දෙනෙකු ස‍දහා මෙම දිවා භෝජන සංග්‍රහය ලබා දෙන ලදි.

තවද, 233 වන පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ, 6 වන බළඇණි ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් ජනක රණරාජා සහ නිළධාරීන් සහ සෙසුනිළයින් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා එක් විය.