Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

13th June 2023 16:25:57 Hours

ඓතිහාසික ඔකද මුරුගන් කෝවිලේ වාර්ෂික ඇසළ උත්සවය හා කතරගම පාද යාත්‍රාව ආරම්භ කිරීම

2023 වර්ෂයෙහි ඓතිහාසික ඔකද මුරුගන් කෝවිලේ වාර්ෂික ඇසළ උත්සවය හා කතරගම පුදබිම දක්වාවූ පාද යාත්‍රාව 2023 ජුනි මස 12 වන දින ආරම්භ කරන ලදි. කතරගම පුදබිම දක්වා ගමන් ගන්නා බැතිමතුන් කුමන වනෝද්‍යාන ප්‍රධාන දොරටුවෙන් ඇතුලු බාගුරේ, මඩමේතොට (කුඩාකැබිලිත්ත) හරහා කුඹුකන්ඔය තරණයකර යාල වනෝද්‍යානය වෙත ගමන් ගැනීම සිදුවේ. මෙම පාද යාත්‍රාව කුමන වනෝද්‍යාන වෙත ගමන් ආරම්භ කිරීම වෙනුවෙන් එහි ප්‍රධාන දොරටුව උත්සවාකාරයෙන් විවෘත කිරීම 2023 ජුනි මස 12 වන දින 0653 පැයට නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමා, දිස්ත්‍රික් ලේකම් අම්පාර, ප්‍රාදේශිය ලේකම් ලාහුගල 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරාල් විපුල චන්ද්‍රසිරි ජ්‍යෙෂ්ඨ නිලධාරි, 242 වන පාබල බළසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරුද්ධ සෝලංගආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදි. පාද යාත්‍රාවේ ගමන් ගන්නා බැතිමතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඔවුන් වෙත පානීය ජල පහසුකම් ලබාදීම හා අනෙකුත් පහසුකම් සම්බන්ධීකරණය කිරීම මෙම බලසේනාව වෙත පැවරී ඇත.