Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

26th December 2023 09:51:19 Hours

ඌරණි සායන මධ්‍යස්ථානයේ 14 ශ්‍රීලංසිරෙ ඒකක භටපිරිස් ශ්‍රමදාන වැඩ සටහනක් පවත්වයි

242 වන පාබල බලසේනා බළප්‍රදේශයට අයත් ඌරණි සායන මධ්‍යස්ථානය පිහිටා ඇති ගොඩනැගිල්ල අවට ප්‍රදේශය වල්බිහිවි අපවිත්‍ර තත්වයේ ඇති බැවින් එම ස්ථානයේ රාජකාරි කිරිමට පහසු වන පරිදි සුද්ධ පවිත්‍ර කර යථාතත්වයට පත්කර දෙන ලෙස පොතුවිල් සෞඛ්‍ය මධ්‍යස්ථාන කාර්යාලය මගින් ඉල්ලිමක් සිදු කරන ලදි.

ඒ අනුව අදාල ස්ථානයේ රාජකාරි කිරිමට පහසුවන පරිදි කැලෑ එලිපෙහෙලිකර පිරිසිදු කිරිමේ වැඩ සටහනක් 2023.12.21 වන දින 0800 පැයේ සිට 1130 පැය දක්වා කාලය තුල පවත්වන ලදි. තවද මෙම පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහන සදහා 14 ශ්‍රීලංසිරෙ ඒකක භටපිරිස් 15ක්ද සිවිල් වැසියන් 14 දෙනෙකුද සහභාගිවන ලදි.