Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th May 2022 07:13:32 Hours

ඉනපෙ (නැ) නව ආඥාපති වැඩ භාර ගනියි.

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) නව ආඥාපති වශයෙන් බ්‍රිගේඩියර් කේඒඩබිඑස් රත්නායක එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරී 2022 අප්‍රේල් මස 29 වන උදෑසන 27 වන ආඥාපති වශයෙන් නව තනතුරේ වැඩ භාරගන්නා ලදී.

ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ මෙලෙස නව ආඥාපති තුමන් නව තනතුරේ වැඩ භාරගැනීම් සිදුකරන ලදී මේ සදහා ඉනපෙ (නැ) හි රාජකාරි සිදුකරනු ලබන ජ්‍යෙෂ්ඨ නිළධාරී,නිළධාරීන් සහ සෙසුනිළයින් සහභාගී විය.