Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

24th August 2022 15:24:27 Hours

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) නිළධාරීන් සඳහා භට කාර්ය ප්‍රවර්ධන පාඨමාලා දාමයක් සංවිධානය කරයි

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මූලස්ථානය විසින් 3 ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බළකාය, මින්නේරිය හි පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) යටතේ සේනාංක, බලසේනා, පුහුණු පාසල් සහ බළඇණිවල සේවය කරන නිළධාරීන්ගේ දැනුම වැඩිදියුණු කිරීම සඳහා නැවුම් පාඨමාලා ආරම්භ කරන ලදී.

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මේජර් ජෙනරාල් කේ ඒ ඩබ් එස් රත්නායක එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සංකල්පයක් මත මෙම පාඨමාලා ආරම්භ කරන ලදී.

මෙම පාඨමාලාවල පළමු අදියර ලෙස, 2022 අගෝස්තු 15 වන දින, 3 ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බළකාය, මින්නේරිය හිදී, අණදෙන නිළධාරීන්, 2 වන අණදෙන නිළධාරීන් සහ බළඇණිවල අනුපූරක සඳහා භට කාර්ය ප්‍රවර්ධන පාඨමාලාවක් ආරම්භ කරන ලදී. පාඨමාලාව සඳහා නිළධාරීන් 29 දෙනෙකු සහභාගී විය.

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපතිතුමා විසින් මෙම පාඨමාලාවේ ආරම්භක දේශනය පවත්වන ලදී. ආරම්භක දේශනය සඳහා කර්නල් ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර), මාණ්ඩලික නිළධාරි I සහ ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) නිළධාරීන්ද සහභාගී විය.

නිළධාරීන්ගේ භට කාර්ය ප්‍රවර්ධන පාඨමාලාවේ දෙවන පියවර 2022 අගෝස්තු 22 වන දින ආරම්භ කරන ලද අතර මෙම සංකල්පය ඉදිරියට ගෙන යාම සඳහා වාහන නඩත්තු පාඨමාලාව සහ සුළු අලුත්වැඩියා පාඨමාලාව, ජල පොම්ප සහ ජෙනරේටර් අළුත්වැඩියා පාඨමාලාව, ගබඩාකරු පාඨමාලාව ද ඉදිරි මාස තුන තුළ ආරම්භ කිරීමට නියමිතය.