Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

25th September 2022 13:17:43 Hours

ඉදිරි නඩත්තු පෙදෙස ( නැගෙනහිර) නව ආඥාපති රාජකාරි අරභයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බළකායේ මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිළධාරී 2022 සැප්තැම්බර් 22 වන දින ඉදිරි නඩත්තු පෙදෙස ( නැගෙනහිර) මූලස්ථානයේ නව ආඥාපති ලෙස රාජකාරී ආරම්භ කරන ලදී.

ඉදිරි නඩත්තු පෙදෙස ( නැගෙනහිර) මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී ආඥාපති තුමන් හට භඨපිරිස් විසින් ගෞරව සම්මාන මුරයක්ද පිරිනමන ලදි.

ඉන් අනතුරුව ආගමික වතාවත් සහ “පිරිත් සජ්ඣායනා” මධ්‍යයේ නව කාර්යාලය වැඩ භාරගැනීම සනිටුහන් කිරීම සඳහා මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් නිළ ලේඛනයකට සිය අත්සන තබා ඉන් අනතුරුව එම දිනයේ වැදගත්කම සනිටුහන් කිරීම සඳහා පැළයක්ද රෝපණය කරන ලදී.

එම අවස්ථාව සඳහා සියලුම මාණ්ඩලික නිළධාරීන්, අණදෙන නිළධාරීන්, නිළධාරීන් සහ සෙසු නිළයින් සහභාගි වන ලදි.