Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

03rd March 2022 16:06:57 Hours

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති දිස්ත්‍රික් 'රණවිරු' සංවිධානවල ප්‍රවීණයන් හමුවෙයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව, පොළොන්නරුව දිස්ත්‍රික් රණවිරු සංවිධාන සම්බන්ධීකාරකවරුන් වෙත ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් අබේරත්න ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් 2022 පෙබරවාරි මස 28 වන දින සාකච්චාවක් ඉනපෙ(නැ) දේශන ශාලාවේදී පවත්වන ලදී.

ආඥාපති ඉනපෙ(නැ) විසින් විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මෙන්ම තුවාල ලැබූ සහ මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ යහපැවැත්ම සොයා බැලිම යුද්ධ හමුදාවේ වගකීම සහ විශ්‍රාමිකයින්ගේ සුභසාධන අපේක්ෂාවන් ප්‍රවර්ධනය කිරීම සහ ගෞරවනීය සමාජ පිළිගැනීම පවත්වා ගැනීමේ වැදගත්කම මෙම සාකච්චාවේදි ආඥාපති ඉනපෙ(නැ) විසින් පැහැදිලි කරන ලදී.

මෙම උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වන ලදී.