Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

29th August 2022 10:32:43 Hours

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති එම යටතේ ස්ථාපිත බළඇණි වෙත සංචාරයක් සිදු කරයි.

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් කේ ඒ ඩබ් එස් රත්නායක එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරී 2022 අගෝස්තු 8 දින සිට 12 දින දක්වා එම යටතේ ස්ථාපිත ඒකකයන්හි නිළ සංචාරයක නිරත විය.

2022 අගෝස්තු 8 වන දින, මින්නේරියේදී 3 වන ඉන්ජිනේරු සේවා රෙජිමේන්තුව වෙත ගිය ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති තුමන්, එහි අණදෙන නිළධාරි විසින් පිළිගන්නා ලදී. කඳවුරු ප්‍රධාන දොරටුව අභියස දී ආඥාපතිතුමා වෙත සම්ප්‍රදායානුකූල සම්මාන මුරයක්ද පිරිනමන ලදී. කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව ආඥාපතිතුමා කදවුරු භූමියේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

2022 අගෝස්තු 9 වන දින, මේජර් ජෙනරාල් සුදත් රත්නායක හිඟුරක්ගොඩ පිහිටි 4 වන ශ්‍රී ලංකා යුධ හමුදා සේවා බලකා මූලස්ථානය වෙත ගොස් භඨපිරිස් සමඟ අදහස් කිහිපයක් බෙදා ගත්තේය. කඳවුරු නිරීක්ෂණ චාරිකාව අතරතුර ආඥාපතිතුමා විසින් බළඇණියේ සලාක ගබඩාවද නිරීක්ෂණය කළ අතර පැළයක් ද රෝපණය කරන ලදී.

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපතිතුමා 2022 අගෝස්තු 10 වන දින හබරණ 5 වන ශ්‍රී ලංකා වෛද්‍ය බළකායෙහි සංචාරය කරන ලදි. මෙම සංචාරයේදී ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපතිතුමා විසින් බළඇණියේ හරිත කෘෂිකර්ම ප්‍රගතිය නිරීක්ෂණය කරන ලදී. ඉන් පසුව, 2022 අගෝස්තු 11 වන දින, ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපතිතුමා ගිරිතලේ පිහිටි 2 වන ශ්‍රී ලංකා යුධ හමුදා පොලිස් හේවා බළකා මූලස්ථානයේද සංචාරයක නිරත විය. කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව අණදෙන නිළධාරී විසින් සම්මන්ත්‍රණ ශාලාවේදී ආඥාපති දැනුවත් කිරීමක්ද සිදු කරන ලදී. බළඇණියේ සංචාරය සනිටුහන් කිරීම සඳහා ආඥාපතිවරයා අමුත්තන්ගේ පොතට සිය අත්සන තැබීය.

සංචාරයේ අවසානය සනිටුවහන් කරනු වස්, ආඥාපති තුමන් විසින් 2022 අගෝස්තු 12 වන දින 3 (සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශුසම්පත් බලකාය කන්දකාඩු හි සංචාරයක නිරත විය. අනතුරුව භඨපිරිස් ඇමතීමක්ද සිදුකල අතර, බළඇණියේ ආහාර නිෂ්පාදන කම්හල් නැරඹීමට ද එක් විය.

මෙම සංචාරය සදහා ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති සමග ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මාණ්ඩලික නිළධාරි I, ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, අණදෙන නිළධාරීන් සහ සෙසු නිළයින්ද එක්විය.