Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

18th February 2023 09:11:39 Hours

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර ) ආඥාපති 5 ශ්‍රීලයුවෛබ ඒකකයේ සහ යුහරෝ (මින්නේරිය) හි නිරික්ෂණ සංචාරයක් සිදුකරයි

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද ජ්‍යෙෂ්ඨ නිළධාරි ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) යටතේ ඇති 5 ශ්‍රීලයුවෛබ ඒකකයේ සහ යුහරෝ (මින්නේරිය) හී 2023.02.11 වන දින කදවුරු සංචාරයක නිරතවිය .

මෙම සංචාරයේදි 5 ශ්‍රිලයුවෛබ ඒකකයේ සහ යුහරෝ(මින්නේරිය) හි දැනට පවතින ගැටලු සහ භකාස අවශ්‍යතාවයන් පිළිබද ආඥාපති තුමන් විසින් ඒකක අණදෙන නිළධාරි සහ යුහරෝ (මින්නේරිය) නිලධාරි අණදෙන සමග සාකච්ඡා කරන ලදි. තවද ආඥාපතිතුමන් විසින් යුහරෝ (මින්නේරිය ) හී නේවාසිකව පුථිකාර ලබන රෝගීන් ගේ සුවදුක් සොයාබලා ඔවුන් හට ත්‍යාග පාර්සල් බෙදා දීමද සිදු කරන ලදි.

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපතිවරයා සමඟ ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මාණ්ඩලික නිලධාරීන් මෙම සංචාරය සඳහා සහභාගී වූ අතර 5 වන ශ්‍රීලයුවෛබ ඒකකයේ අණදෙන නිලධාරී සහ නිලධාරීන් ද මෙම සංචාරය සඳහා එක්ව සිටියහ.