Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

10th October 2023 15:21:45 Hours

ඉදිරි නඩත්තු පෙදෙස නැගෙනහිර ආඥාපති 24 වන පාබල සේනාංකයේ සංචාරයක් සිදුකරයි

ඉදිරි නඩත්තු පෙදෙස නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් එම්ඩබ්ලිව්ටීසී මෙත්තානන්ද යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් 24 වන පාබල සේනාංකය හා යටතේ පාලනය වන පාබල බළසේනා මූලස්ථාන, ඒකකයන්හි නිරවුල් නොවී පවතින පාලන/භකාස ගැටළු පිළිබදව සාකච්ඡාවක් පවත්වන ලදි

එම ජ්‍යෙෂ්ඨ නිලධාරී 24 වන පාබල සේනාංකය වෙත පැමිණි අවස්ථාවේදී 24 වන පාබල සේනාංක සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරී ඇතුළු සියළුම නිලධාරීන් විසින් හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව උණුසුම් ලෙස පිළිගන්නා ලදි. ඉන් අනතුරුව සේනාංකාධිපති සහ බළසේනාධිපතිවරු හා අනෙකුත් සියළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සමගින් සමූහ ඡායා රූපයකට පෙනී සිටියේය

ඉන් අනතුරුව නිරවුල් නොවී පවතින පාලන/භකාස ගැටළු පිළිබදව සාකච්ඡාව ආරම්භ කල අතර, 24 වන පාබල සේනාංක ඉතිහාසය සහ මානුෂීය මෙහෙයුමේදී දක්වන ලද සුවිශේෂී කාර්ය පිළිබදව සිහිපත් කල එතුමන් තවදුරටත් එම උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීමට සහ අනාගත මෙහෙයුම් සඳහා සූදානම්ව සිටීම ඉතා වැදගත් වන බවට කරුණු පැහැදිලි කරන ලදී. ඒ අනුව ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මෙම සාකච්ඡාව පැවැත්වීම නිශ්චිතවම එම ගැටළු විසදීම ඉලක්කය ලෙස ප්‍රකාශ කරන ලදි

මෙම සාකච්ඡාවේදී ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති සහ විෂයට අදාල නිලධාරින් විසින් සැපයුම් දාමප්‍රශස්තිකරණය, උපකරණ නඩත්තු කාලසටහන් සහ සම්පත් වෙන්කිරීම ඇතුළු සැපයුම් කරුණු රාශියක් සාකච්ඡා කළහ. එමෙන්ම මෙම සහයෝගී ප්‍රවේශය එහි විවිධ මෙහෙයුම් පරිසරයන් සහ වේගවත් යෙදවීමේ අවශ්‍යතාවය, අද්විතීය අභියෝග වලට විසඳුම් සෙවීම සඳහා අත්‍යවශ්‍යතාවය පැහැදිලි කරන ලදී. මෙම සාකච්ඡාව සඳහා 24 පාසේමුහි බළප්‍රදේශයෙහි සියලුම බලසේනාධිපතිවරුන්, ඒකක අණදෙන නිළධාරීන් සහ භකාස ඒකක අණදෙන නිළධාරීන් සහභාගි විය

සවස් කාලයේදී ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති විසින් 24 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු සියළුම මාණ්ඩලික සහ භකාස නිලධාරීන් සමඟ සුහද හමුවක් නිලධාරි නිවස්නයේදී පැවැත්වීය. ඉන් අනතුරුව පාබල සේනාංක අමුත්තන්ගේ සටහන් තැබීමේ පොතෙහි සමරු සටහනක් තැබීමටද අමතක නොකළහ