Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(නැගෙනහිර)

04th October 2022 12:54:20 Hours

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) 28 වැනි සංවත්සරය සමරයි.

ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) මූලස්ථානය 2022 සැප්තැම්බර් 14 වන දින 28 වැනි සංවත්සරය උත්සවයකාරෙයන් සමරන ලදී.

සංවත්සර උත්සවයට සමගාමීව ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) භඨපිරිස් විසින් 2022 සැප්තැම්බර් 22 බ්‍රහස්පතින්දා දින මින්නේරිය දේවාල පරිශ්‍රයේ සහ වැව් බැම්ම ආශ්‍රිත ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී. අනතුරුව සවස් කාලයේ සෝමාවතිය විහාරස්ථානයේ දී ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ධජයට සහ භඨපිරිස් වෙත ආශිර්වාද ලබා දීමෙන් අනතුරුව බෝධි පුජා පිංකමක්ද පැවැත්විණි. ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ආඥාපති මේජර් ජෙනරාල් චානක මෙත්තානන්ද යුඒස්පි ඒන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ මගපෙන්වීම සහ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි.

මෙම උත්සව අවස්ථාව සදහා කර්නල්, ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙනහිර) ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, අණදෙන නිළධාරීන් සහ අනෙකුත් නිළධාරීන්ඇතුලු සෙසුනිළයින් මෙම අවස්ථාවන් සඳහා සහභාගී විය.